Friday, August 29, 2014

ජීවිතය

                ජීවිතය

ගොඩක් දෙනා මෝඩ තීරණ වලට වහල් වෙලා නැති කරගන්න හදන ජීවිතය ගැන අද අපි කතා කරමු.
ජීවිතය. ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. නිකන් විශ්වය වගේ. ඉමක් කොනක් නැති විශ්වය පිරිලා තියෙන්නෙ තරු වලින්. ඒ වගේමයි ජීවිතෙ, මේකෙත් ඉමක් කොනක් නෑ. ඒ වගේම තරු කියන්නෙ අපි ඉපදිච්ච දවසේ ඉදන් එකතු කර ගත්තු අත්දැකීම්. අපි ඉස්සෙල්ලම අපේ මෙ ශරීරය ගැන බලමු. හොදයි ඉතින් කස්ටියට ශරීරය ගැන කිව්වම ඉතින් එක එක එව්ව මතක් වෙනෝ නේ! මේ ශරීරය අපිට ප්රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. දන්නවද මොනවද කියලා? ඒ තමයි භෞතික ශරීරය සහ විඤ්ඤාණය. මම මෙ බර වචන පවිච්චි කරේ වෙන වචන නැති හින්දා හොදේ සහෝ..... ඔයාල ඉතින් ඉන්ගිරිසි වචනෙ කිව්වොත් දන්නව ඇති. ඒ තමයි "physical body" and "Astral body"
Physical body කියන්නේ අපිට අතින් අල්ලන්න පුලුවන් ශරීරයෙ කොටස්. එව්ව ඉතින් ඔයාලා දන්නව ඇති නේ. සහෝ ලා අහල තියෙනවද ඔයලගෙ මනස, විඤ්ඤානය එහෙමත් නැත්තම් consciousness තියෙන්නෙ ඔයාලගෙ කොඳු ඇට පේලියෙ දිගේ කියල? මාරයි නේ? මමත් හරියට දන්නෙ නෑ හොඳේ. මමත් මේක පොතක දැක්කේ. මෙ විඤ්ඤානය අඟල් 8 ක් දිගයි ලු. නිකන් දම්වැලක් වගේ ලු. කොහොම උනත් මෙ මනසට කරන්න පුලුවන් දේ අප්රමාණයි. ඔයාලත් අහලා ඇති නේ "නොහැක්කක් නොමැත" කියලා. අන්න ඒ වගේ අපේ මනසට කරන්න බැරි දේවල් නෑ. ඔයාලා මට මේ දේ කරන්න ඕනේ කියල හිතුවොත් අනිවා අපේ මනසට ඔයාට ඕනෙ දේ කරන්න පුලුවන්. 
ඊජිප්තුවේ පරණ වැසියෝ,, එයාල එකට කියන්නෙ "කා" කියල. එයාලගේ විශ්වාසයට අනුව මිනිසෙක් මැරුනාම එයාගෙ ශරීරයෙන් මේ කා ගැලවිලා වෙනම ආත්මයක් විදිහට ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ ආත්මයට ජීවත් වෙන්න තමයි එයාල පිරමිඩ හැදුවේ. . මේ සමහර "කා" ලා ඉතින් අදටත් ඉන්නව කියල තමයි කියන්නෙ. ඒක විශ්වාස කරන එක ඔයාලගෙ වැඩක්. ඒත් මම නම් ඕක විශ්වාස කරනවා මොකද Paul Brunton ගේ "A search in sacred Egypt" කියන පොතේ එයාගෙ පිරමිඩ අතුලෙ එයාම විඳපු අත්දැකීමක් තියෙනව. ඔයලත් ඒ පොත කියවල බලන්න.

හරි ඉතින් කොහොමින් කොහොම හරි අපි මතෘකාවෙනුත් එලියට ආවා නේ. කමක් නෑ ඉතින් ඔයාලත් මෙව්ව දැන ගන්න එපැයි!

හරි අපි කතා කරේ ජීවිතේ ගැන. හොදයි ඔයාලට පට්ටම දුකක් දැනුනම මොකද හිතෙන්නෙ? ජීවිතේ එපා වෙනවා නේ? හරි තව පට්ටම සතුටක් දැනුනු වෙලාවට ඔයාලට නිකම්ම කියවෙන්නෙ " අන්න ජීවිතේ" කියල නේ? ඔන්න පේනවා නේද අපේ මනස හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ සතුට. ඒත් දුකත් අපි මනසට හුරු කරන්න ඕනෙ. ඒ මොකද නැත්නම් මනසට ඒ දුක දරාගන්න බැරුව මහා විනාසයක් වෙන්න පුලුවන් නිසා. සහෝ ලා දුක = 2 x සතුට කියන සූත්රය හැම තිස්සෙම මතක තියා ගන්න. 

දුකක් එහෙම නැත්නම් shock එකක් ආවම ඉස්සෙල්ල නිශ්ශබ්ද තැනකට යන්න.ඒ කියන්නෙ ඒ පරිසරයෙන් ඉවත් වෙන්න. ඒක තමයි පළවෙනි පියවර. තව ඔනෙ නම් slow, calm ඔයා කැමති මියුසික් එකකට ඇහුම්කන් දෙන්න. ඔයාටම දැනෙයි ඔයාගෙ මනස සන්සුන් වෙන හැටි. ඊට පස්සෙ හිමින් හිතලා බලන්න ඇයි ඒ දුකට හේතුව කියලා. ඒත් එක්කම ඔයාට ඒ දුක සතුටකට හරව ගන්න හැටි ඔලුවට ඒවි. සරලයි නේද සහෝ? මේ විදිහට දුක = 2 x සතුට කර ගත්තාම ඔයාලගෙ ජීවිත තව ගොඩාරියක් ලස්සන වේවි.

අද සමාජයේ ගොඩාක් දෙනා සිය දිවි නසා ගන්න ට්රයි කරනවා. හොඳයි ඔයාලටම හිතෙන්නෙ නැද්ද ඒක මහා මෝඩ වැඩක් කියලා. අපිට මෙ ලස්සනට ලැබිලා තියෙන ජීවිතය නාස්ති කරගන්න තරම් ගොන් හරක් නුත් මේ ලෝකෙ ඉන්නවනේ! සහෝ ලා ඔයාලටත් කවදා හරි එහෙම එකක් ආවොත් ඉස්සෙල්ලම යන්න තමන් අදහන ආගමේ ශාස්ත්රොවරයා ගෙ photo එකක් ගාවට යන්න. බය නැතුව කෙලින්ම ඇස් දෙක දිහා බලන්න ඔයාගෙ මනස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි සහෝ මොකද කිසිම ආගමක කියලා නෑ සියදිවි නසාගන්න කියලා. ඊට පස්සෙ තියෙන හොඳම දේ තමයි ඔයාගෙ ඔලුවෙ තියෙන ප්රශ්න කවුරු හරි එක්ක කතා කරලා ඔයාගෙ ඔලුව නිදහස් කර ගන්න එක. මේකට ඔයාලට සමීප, විශ්වාස කරන්න පුලුවන්, ෂුවර් ඔනෙම කෙනෙක් ලඟට යන්න. ගිහින් කතා කරන්න. එහෙම කෙනෙක් නැත්නම් මට කියන්න. මම ඕනෙ වෙලාවක ඔයාල වෙනුවෙන් ඉන්නවා. නැත්නම් මෙව්වටම විශේෂයෙන්  train කරපු specialized කට්ටිය ඉන්නව. ඒ කෙනෙක් ට කතා කරන්න. 

ඉතින් සහෝ ලා ඔයාලට තේරෙන්න ඇති ජීවත් වෙන හැටි. ජීවිතේ අපිට ගොඩාක් challenges එනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියන්නෙ. තව එකක් හැම තිස්සෙම මතක තියා ගන්න. ඒ තමයි ඔයාල ජීවිතේට ආදරේ කරොත් ජීවිතෙත් ඔයාට ආදරය කරයි. මේක කිව්වෙ මම නෙවෙ  Arthur Rubinstein.
ඉතින් සහෝ ලා සතුටින් ජීවත් වෙන්න. ආයෙත් හම්බ වෙමු.........

"I have found
That if you
LOVE LIFE
LIFE WILL
Love you Back"
                -Arthur Rubinstein-

පසුව ලියමි......
මම ඔයාලට කිව්ව නේද අර ඔයාලගේ ප්රශ්න කතා කරන්න විශේෂ කට්ටිය ඉන්නවා කියලා? එහෙම එක්කෙනෙක් තමයි මානව හැකියා හා සන්වර්ධන විශේශඥ පුහුණුකරු - සනත් ගමගේ සර් 
සර් ගේ ෆෝන් නම්බර් එක - 0777658658 
කතා කරන්න ප්රශ්න තියා ගන්න එපා....!!



No comments:

Post a Comment