Culture කචල්
හාලෝ යාලුවනේ......අද බ්ලොග් එකෙ මාතෘකාව ඔය හැමෝටම වැදගත් වෙන සහ හැමෝම අහල ඇති එකක්. Culture එක. මොකක්ද මෙ culture එක? Culture කියලා අපි සරලව ගත්තොත් එකෙන් කිය වෙන්නේ "අපි එදිනෙදා ජීවත් වෙන පරිසරයේ ඇති සමාජ සම්මත සිරිත් විරිත් රටාව" ඕක මම හොයා ගත්තේ පොතක තිබිලා හොඳේ.... ඔයාල හැමෝම අහල ඇති ඔයාලගේ අම්මලා එහෙම කියනවා "හාපෝ කොළඹ culture එක නම් ගන්න දෙයක් නෑ කියලා" ඔයාලගෙ අම්මලා එතනදී නම් සම්පූර්ණ වැරදියි. එ මොකද ඒක culture එකෙ වැරද්දක් නෙවෙයි. එකට එකතු උනු අලුත් කොටස් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
හොඳයි අපි ඉස්සෙල්ලම බලමු ලංකාවේ සාම්ප්රදායික culture එක.
ලංකාවේ පරණම culture එකට දැන් කට්ටිය ඉතින් කියන්නෙ "ගොඩේ" කියලනේ.... ඒ උනාට සහෝ ලා මේක තමයි අපේ හෙළ පාරම්පරික culture එක. බලන්න එදා පිරිමි තමයි සමජයේ මූලිකයා... ඒත් එක්කම ගැහැණිය තමයි පිරිමිත් එක්ක කරි හරියට ඉඳන් කළමනාකරනය කරන්නේ. කොටින්ම කිව්වොත් management පාට් එක කරන්නෙ කාන්තාව තමයි.... පිරිමි ගැන විශේශයෙන් කියන්න ඔනේ දෙයක් තියෙනවා... ඒ කාලේ ඉතින් වොඩ්කා, විස්කි වගේ HIFI බීම නෑ... කොහෙන් හරි රා කට්ටක්, අරක්කු ටිකක් එහෙම අරන් තමයි ඇඟ පත රත් කරගත්තේ.... හැබයි එකක් සහෝ.... එදා පිරිමියා දන්නවා කොච්චර බිව්වත් තමන්ගේ ලිමිට් එක තියාගෙන ගෙදර යන්න... ( මොකද ඒ කාලෙ ගෑනුත් ටිකක් ඉතින් සැරයි නේ!)
පිරිමි ගැන කිව්ව වගේම ගැහනු ගැනත් නොකිව්වොත් හරි නෑ නේ! මට ඒ කාලෙ අපේ කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නේ එකම එක දෙයයි......
ඒ කාලේ නෝනලා, අක්කලා, නංගිලා ඔක්කොම දැනගෙන හිටියා තමන්ගේ විනය සහ පති වත පරිස්සම් කර ගන්න..... ඔච්චර තමයි... ඔව්ව ගැන මට වඩා ඔයාල දන්නවා ඇති නේ!....
තව ඉතින් ඒ කාලේ ඉතින් ටීවී ඉන්ටෙනෙට් එහෙම නෑ... ඔනෙ නම් ගමටම එක රේඩියො එකක් ඇති... ඔකෙන් තමයි මුලු ගමම අලුත් විස්තර හොයා ගන්නේ....
ඔය ඉතින් ඒ කාලේ ගැන විස්තර ටිකක් විතරයි....
හොඳයි අපි දැන් බලමු නූතන ලංකාවේ එක...
සහෝලා මේ culture එක සම්පූර්නයෙන්ම බිහිඋනේ ලංකාවට ආක්රමණ එල්ල උනාට පස්සෙ.... ඔයාලගේ බාසාවෙන් කිව්වොත් "සුද්දා" ආවට පස්සෙ.....අපේ මිනිස්සුත් ඉතින් "නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් මොකෝ" කියලා සුද්ද ව කොපි කරන්න ගත්තා නොවැ.... ඕං ඉතින් අන්තිමට සුද්දා යනකොට ඌ සුද්දා අපි ගොඩ සුද්දා.... දැන් බලන්න සහෝ මේ කොපි කිරීමක් නිසා වෙච්චි දෙයක්... අපි තාක්ශණය පැත්තෙන් දියුනු උනා ඒක ඇත්ත ඒත් අනිත් පැත්ත ( ඔයාලට හිතාගන්න පුලුවන් නේ) පට්ටෙටම ආයෙ ගන්න දෙයක් නැති වෙන්න පදිරි වෙලා.... පිරිමි බීල, කුඩු ගහලා, පොඩි උන්ට හදි කොරලා උපාසකය වෙනෝ.... ඒ අස්සෙම ගෑනුත් ඒකටම හරියන්න පික් පොකෙට් ගහලා, තමන්ගෙ ඇඟ මුදලට විකුනලා ( කොල්ලන්ට කන පැලෙන්න ගහලා ලොල්) තමන්ගෙ වරිගයා නැත්තටම නැති කර ගෙන...... ඔව්ව අස්සෙ සම- හරක් කියනෝ " ආ ඕක මොකක්ද අපි යුද්දේ දිනුවා නේ! එව්ව මෙව්ව අපිට වැඩක් නෑ.... සහෝ ලා බලන්න මේ කතාව.. නෙට් එකෙ තිබුනේ,,,,,
ELEMENTARY SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone- "ewwwweww"
MIDDLE SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone - "awww how cute!"
HIGH SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone - "get a room damn"
ඕං බලන්න ඔය තියෙන්නෙ මේකයි,
ප්රාථමික පාසලේදී කෙල්ලෙක් කොල්ලෙක්ව කිස් කරාම වටේ උන් කියනවා " නොදකින් විතරක් කියලා"
ද්විතීයික පාසලේදි එහෙම කිස් කරාම වටේ උන් කියනවා " ආනේ කොච්චර cute ද?"
උසස් පාසලක කිස් කරොත් වටේ උන් කියනවා " ඕයි පලයන් කාමරෙකට කියලා"
මේකයි සහෝලා මං මේ කියන්න ට්රයි කරේ අපේ වයසත් එක්ක අපි මුහුන දෙන culture එක වෙනස් වෙනවා..... ඔන්න ඔය වගේ culture 2 ක් අතර ගන්ධබ්බ කාලේදි තමයි culture කචල් වෙන්නේ.... පොඩි එකා ශිෂ්යත්වය කරලා හය වසරට ගියාම ඌ නිකන් කරකවලා අත ඇරියා වගේ... ලොකු ක්ලාස්, ලස්සන ලස්සන මල්..... අපේ අම්මලා ඔය කාලෙට තමයි තමන්ගේ දරුවව පරිස්ස්ම් කර ගන්න ඕනේ.... මොකද මේ පොඩි එකා තමයි කවදා හරි පරම්පරාව ගෙනියන්නේ හොඳේ...
දැන් සහෝ ලා ඔයාලට පේනවා නේද අපේ culture එක වයස අනුව ටික ටික වෙනස් වෙන හැටි.... ඔය ඉතින් අපේ culture එකේ එක පැත්තක් විතරයි... තව ඕනේ තරම් පැති තියෙනවා..... මං හිතන්නේ අදට ඔය ඇති... පරිස්සමෙන් සහෝලා culture කචල් කර ගන්න එපා... ගිහින් එන්නම්
I'm Nima