Thursday, September 18, 2014

ආදරය quotes වලින් - 2

ආදරය quotes වලින් - 2

පහුගිය සතියේ ආටිකල්  එකෙන් ඔයාල දැනගන්න ඇති නේ ලොකු ලොකු මිනිස්සු එයාලගේ ආදරය ගැන කියපු දේවල්! අදත් අපි ඒ වගේ ටිකක් ගැන කතා කරමු....

"LOVE is not a matter of
What happens in LIFE
It's a matter of what
Happening in your HEART"
             - Ken Keyas -
"ආදරේ කියන්නේ ජීවිතේ වෙන සාමන්ය දෙයක් නෙවෙයි ලු..... ආදරේ කියන්නේ ඔයාගෙ හදවත ඇතුලේ වෙන දෙයක් ලු..." සහෝ ලා ඔයාල ගොඩක් කට්ටිය ඉතින් ජීවිතේ දෙතුන් පාරක් වත් ආදරේ විඳල ඇති නේ.... හැබැයි ඔයාලා marry කරාට පස්සෙ ඔයාලටම තේරෙනවා ඇති සැබෑ ආදරේ ඇත්තටම තියෙන්නේ ඔයාගේ හදවත ඇතුලේ කියලා. ඔයාල marry කරලා ඔයාලට ළමයි එහෙම ඉන්නකොට ඔයාලට ඒ බැඳීම තේරේවි. ඒ බැඳීම කාටවත් වෙනස් කරන්න බැරි තරම් ශක්තිමත් එකක්....තව එකක්, බලන්න මේකේ තියෙන්නවා "happening in your heart " කියලා ඒ කියන්නේ මේ ආදරේ එදා ඉඳන් අද දක්වාම දිගටම තිබුනු හෙටටත් පවතින එකක් කියලා... 
අපි තව එකක් බලමු....

"Meeting you was fate
Becoming friends with you was choice
But falling LOVE with you 
Was out of control"
ඔබ හමු වීම මගේ දෛවයයි...ඔබ සමඟ මිතුරු වීම මගේ තෝරාගැනීමයි..... නමුත් ඔබ සමඟ ආදරයෙන් වෙලීම මගේ පාලනයෙන් තොරයි"
ඔන්න ඕකයි තේරුම..... බලන්න සහෝ ලා ඔයාලටත් මේ වගේ දේවල් හිතිලා ඇති නේ? සමහර වෙලාවට ඔයා ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඉස්සෙල්ලම හම්බවුනු පාර මතක් කරලා බලනකොට ඔයාලටත් හිතෙන්න ඇති මේක තමයි දෛවය කියලා....  ඊට පස්සෙ සිරා කට්ටක් කාලා නිකම්ම නිකන් යාලුවෙක් වෙන එක ඉතින් කොහොමත් ඔයාගේ තෝරාගැනීම නේ.... ඊට පස්සෙ දෙන්න දන්නෙත් නෑ දෙන්න එකිනෙකාට ආදරය කරනවා.... මාරයි නේ? ඕක තමයි ඉතින් ජීවිතේ... සහෝල සමහර දේවල් අපි හිතල මතලා කරාට සමහර දේවල් එහෙම නෑ... එව්ව අපිටත් නොදැන වෙන දේවල්..... හැබයි ඔයාල එකක් මතක තියාගන්න සහෝලා... සමහර දේවල් ඔයාලට නොදැනී උනාට එව්ව වෙනකොට පොඩ්ඩක් ඔයාලගේ මොලේ පාවිච්චි කරලා හිතලා බලන්න... හැම තිස්සෙම හරි තීරණ ගන්න..... නැත්නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි......

"If you ever find someone
Who makes you smile
And makes your life complete
Face the fact and down your pride
Never let go that person of you
Because there's no one I u found the real one"
"ඔබට කවදා හරි කවුරු හරි ඔයාව සතුටු කරන, ඔයාගේ ජීවිතේ සම්පූර්න කරන, කෙනෙක් හමු උනොත් කවදාවත් එයාට යන්න දෙන්න එපා.... ඒ මොකද ඔයා ඔයාගේ සැබෑ ආදරේ හොයගත්තට පස්සෙ ඔයාට මේ ලෝකේ වෙන ආදරයක් නෑ......"
ඔන්න ඕකයි තේරුම...... බලන්න සහෝලා මෙයා කියන්නේ ඔයාලගේ ජීවිතේට හම්බෙන්නෙ එකම එක ආදරයක් විතරයි ලු..... ඒ ඔයාගේ ඇත්තම ආදරේ.... හැබයි ඔයාට ඒක මිස් උනොත් තව එකක් ඉතින් කොහෙන් හොයන්නද? ඔයාලත් මේ වගේ නේද සහෝලා? ඔයාලත් ඔයාලට හරියන, එක හම්බ වෙනකන් කී පාරක් නම් ලව් කරල ඇති ද? ඒ එකක් වත් ඔයාගෙ වයිෆ් කර ගත්තේ නැත්තේ එයාල ඔයාට හරියන්නෙ නැති හින්දා නේද? හැබයි ඔයාලා marry කරාට පස්සෙ ඔයාගෙ වයිෆ් තමයි ඔයාලගේ ඇත්තම එක.... ඒකනේ ඔයා එයාව marry කරේ!

එහෙනම් අදට love quotesඉවරයි..... ඔයාලත් මෙ බලලා ආදර්ශයක් ගන්න..... ගිහින් එන්නම්.... අයෙ හම්බෙමු....

I'm Nima 

No comments:

Post a Comment