ආදරය quotes වලින්
ආදරය කියන්නෙ ඉතින් ඔයාගෙ හිතේ තියෙන feeling එකක්නේ.... ඕක ඉතින් එකිනෙකාට අනිවාම වෙනස් වෙන්නත් එපායැ. ඉතින් ඔය එක එක කස්ටිය ආදරය ගැන කියපු දේවල් වලින් අපිටත් අපේ ආදරයට ආදර්ශ ගන්න පුලුවන්. ඒකට හොඳම ක්රමේ තමයි quotes බලන එක.
ඕං මම දවසක් නෙට් එක පැත්තේ රස්තියාදු පාරක් ගහනකොට තමයි මේ quotes ටික හම්බ උනේ. අපි බලමු මේ quotes වලින් අපිට ගන්න පුලුවන් දේ මොනවද කියලා.........
"Love is just a word until someone comes along and gives it meaning"
ඔන්න පලවෙනි එක. ඉස්සෙල්ල හොඳට කියවලා බලන්න ඔයාට මොකක්ද හිතෙන්නෙ කියලා. ඔතන කියන්නේ love කියන දේ නිකම්ම වචනයක් විතරයි ලු. හැබයි ඒ කවදා හරි කවුරු හරි ඇවිල්ල ඔයාට ඒ වචනේ තේරුම කියලා දෙනකම් විතරයි ලු. ඒ කියන්නෙ ඔයාට ආදරය කියන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න වෙන්නෙ ඔයත් ආදරය කරන්න පටන් ගත්තු දවසටම තමයි. අන්න එදාට ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාට love කියන වචනේ තේරුම කියලා දෙයි. ඉතින් සහෝ ලා පේනවා නේද ආදරය එකාගෙන් එකාට වෙනස් වෙනවා කියලා.
අපි තව එකක් බලමු.
"Love is too strong a
Word to say it too
Early, but it has too
Beautiful meaning
To say it"
ඔන්න කියන්නෙ කියන්න බැරි තරම් ශක්තිමත් වචනයක් ලු. හැබයි ඒක එහෙම වෙන්නෙ නියමිත කාලෙට කලින් ඒක කියන්න ගියාමලු. ඔයා හරි වෙලාවට කලාවට කියන්න ගියොත් ඒකෙ කියාගන්න බැරි ලස්සනක් ලු තියෙන්නෙ. ඕක ඉතින් කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඔයාල ඔනේ තරම් බූට් කාල ඇති නේ. ( ඉස්කෝලෙ එහෙම!) LOL ඉතින් සහෝ ලා තේරුම් ගන්න ආදරය කරන්නත් වෙලාවක් එන්න ඔනෙ. වෙලාව හොඳ නැත්නම් ඉතින් සෙත්තපෝච්චි තමයි. හැබයි ඔයාල වැරදියට හිතන්න එපා. ආදරය කරන්න පස් මහ බැලුම් එහෙම බලන්න ඕනෙ නෑ. වෙලාව ආවම ඔයාටම තේරෙවි ඔයා කාට හරි ආදරය කරනවා කියලා. අනිත් එක තමයි ආදරය කියන්නෙ පුදුමාකාර බැඳීමක්. කවදාවත් කාටවත් ඒක පැහැදිලි කරන්න බෑ. සහෝ ලා ඔයාලම තමයි ඔයාලගෙ ආදරේ හැඩගස්සවා ගන්න ඕනේ.
"Your love is a gathered storm
I chased across the sky
A moment in your arms
Became the reason why
You alone are my light
I would give anything to feel
You in my arms tonight"
"ඔබ ,අහසේ ඒ මේ අත සැරිසැරූ සැඩ කුණාටුවකි.මා අහස පුරා එළවා ගියේ ඔබ පසුපසයි.ඔබගේ දෑතේ එක මොහොතක් විය හේතුව ඔබ මාගේ ආලෝකය වන්නට. ඔබ මාගෙ දෑතට ගැනීමට මා ඔනෑම දෙයක් කරමි."
ඔන්න ඕකයි තේරුම. දැන් ඔයාල මං දිහා අමුතුවට බලන්න එපා මොකද මූ එක පාරටම තේරුම කියලා දැම්මෙ කියලා.
මේ වනාහී ඕනෑම ආදරවන්තයෙකුගේ ප්රකාශයකි. මේකෙනුත් ඔයාලට ගන්න දේවල් ටිකක් තියෙනවා. බලන්න මෙයා කියන්නෙ එයාගෙ ආදරවන්තිය කුණාටුවක් වගේ ලු. කුණාටුවක් කිව්වම ඉතින් ඔයාලට දැනටමත් හිතාගන්න පුලුවන් නේ ඇයි කියලා. ගැහැනු හිත ඉතින් නිතරම වෙනස් වෙනවලු නේ. හබයි ගැහැණියට කොච්චර තරහ ගියත් (180 ටම නැග්ගත්)LOL පොඩි හරි අහිංසක කමක් තියෙනවා. බලන්න ඒක මේ එක කියපු එක්කෙනා කියලා තියෙන හැටි. Storm එක නම් ගැහැණියගේ හිතෙත් light එක එහෙම නැත්නම් ආලෝකය එයා එයාගේ ජීවිතය කර ගන්නවා. බලන්න සහෝ ලා ඔයාලටත් පුලුවන් නේ ඔයාලගෙ ආදරවන්තයා ගෙන් හෝ ආදරවන්තියගෙන් නරක අයින් කරලා හොඳ දේ විතරක් ගන්න.
ඒත් එක්කම එයා කියනවා එයාගේ ආදරවන්තියව එයාගේ ලඟට ගන්න එයා ඔනෙම දෙයක් කරනවා කියලා. බලන්න සහෝ ලා මෙයා වගේ ඔයාලත් ඔයාලගේ සිරාම love එක වෙනුවෙන් ඔනේ දෙයක් කරාට කමක් නෑ. හැබයි මොලේ පාවිච්චි කරන්න. මොකද සමහර පුංචි අත්වැරදීම් "මඟුල මල මඟුල" කරලයි නවතින්නේ.තව එකක් දැන් අපි හිතමු ඔයාල දෙන්න මේ වගේ ඉදලා marry කරා කියලා. හැබයි marry කරාට පස්සෙත් මේ විදියටම ඉන්න ඕනේ හොඳෙ!
"Always listen
To your HEART
Because
Heart is the guide
Of your
LOVE"
-Nima-
ඔන්න මේක මගේ quote එකක්...... හොඳයි "හැමතිස්සෙම ඔයාගෙ හදවත විශ්වාස කරන්න. ඒ මක් නිසාද යත් හදවත ඔබගේ ආදරයේ මාර්ගෝපදේශකයා වන බැවිනි" ඔන්න ඕකයි තේරුම. දැනටමත් ආදරය විඳින සහෝලා දන්නවා ඇති මම මේ මොකක්ද කියන්නෙ කියලා. ඔයාලගේ ආදරය හරීම හිතුවක්කරයි. දකින දකින හැම ආස දේම වලඳගන්නවා. ඒ උනාට ඔයාගෙ හදවත තමයි ඔයාගෙ ආදරය control කරලා තියාගන්නෙ නැත්නම් ඉතින් මේ ලෝකයේ සැබෑ ආදරය සැඟවිලා යාවි. සහෝලා ඔයා ඔයාගෙ crush එක දැක්කම එක පාරට ඔයාගෙ heart beat එක වැඩි වෙනවා නේද? අන්න ඒක තමයි මම කිව්වෙ ආදරයයි හදවතයි එකට බඳිලා තියෙන්නේ. තව එකක් ඔයාට සමහර වෙලාවට එක්කො කෙල්ල හරි කොල්ල හරි තරහ වෙලා, එයාට දෙන්න ඔනේ present එක මොකක්ද කියලා වගේ ප්රශ්න ඇති වෙනවා. එතකොට හොඳම දේ තමයි සහෝ හදවතට ඇහුම්කන් දෙන්න. ඒ මොකද ඔයාගෙ හදවත ඇතුලේ ඔනේම ප්රශ්නෙකට උත්තර තියෙනවා.හදවත කියන්නේ අපි හැමෝගේම ජීවිතය. ඒ මොකද හදවත නැත්නම් අපේ ලේ ගමනාගමනය නැවතිලා අපිව මැරෙනවා. ඉතින් සහෝ හදවත අපේ ජීවිතේ නම් අපිට ජීවිතේ මුහුණ දෙන ඔනේම ප්රශ්නයකට උත්තරත් මේ හදවත ඇතුලේ ඕනේ නේද?
එහෙනම් කස්ටියයය..... මේ පෝස්ට් එකත් ඉවරයි. දැන් ඉතින් ඔයාලට තේරෙන්න ඇති ලොකු ලොකු මිනිස්සු එයාලගෙ ආදරේ ගැන කියපු quotes වලින් අපිට ගන්න පුලුවන් දේ මොනවද කියලා.( හැබයි අන්තිම quote එක ඇරුනම :) ලොල්) එහෙනං තව පෝස්ට් එකකින් හම්බ වෙමු එතකන් ඔයාලගේ මඟුල ෂේප් එකෙ සිරාවටම බොක්කෙන් තියාගෙන ඉන්න... ගිහින් එන්නම්.....
No comments:
Post a Comment