Sunday, October 5, 2014

ආදරය quotes වලින් - 3

         ආදරය quotes වලින් - 3

කොහොමහ සහෝලා ඔන්න අදත් මම ආවා Love Quotes අරගෙන..... එහෙනම් අදත් අපි බලමු ලොකු ලොකු මිනිස්සු ආදරේ ගැන කියපු දේවල්!

"Who LOVE too much,
HATE in the like extreme"
                      -Homer-
" ඔබට ඕනේවට වඩා ආදරේ කරන කෙනා පසුව ඔබට ඊටත් වැඩියෙන් වෛර කරාවි" ඕකයි තේරුම... බලන්න සහෝලා ඔයාලටත් මේ අද්දැකීම ඇති... ඔයාල කාලයක් ආදරේ කරලා ඒත් පුංචි පුංචි නොගැලපීම් නිසා වෙන් වෙච්ච වෙලාවල් තියෙනවා නේද? එතකොට ඔයගේ හිතේ ඔයාව අත්හැරලා දාපු කෙනා ගැන මාරම වෛරයක් ඇති වෙනෝ නේද? ඕක තමයි ඇත්ත තත්වේ! ඉතින් සහෝලා ඔයාලා මේ කරුණ හොඳින් මතක තියාගන්න... ඔයාලටත් කවදා හරි මෙහෙම උනොත් කවදාවත් වෛර කරන්න එපා... ඔයාට වෛර කරත් එව්ව ගනන් ගන්න එපා..... වෛර කරොත් ඉතින් ඔයා හැමදාම එකම තැන තමයි.... ඒ වෙනුවට එයාට අනුකම්පා කරලා තමන්ට ගැලපෙන කෙනෙක් හොයා ගන්න... එතකොට ඔයත් දිනුම් එයත් දිනුම්!

"We are all born for LOVE,
It is the principle of
Existence 
And it's only END"
                - Benjamin Disraeli-
 " අප සියලු දෙනා උපන්නේ ආදරය කිරීමටයි... එය මානව පැවත්මේ මූලික සාධකය වන අතරම එයම අවසානයද වේ" ඔන්න තේරුම....අපි ඉස්සෙල්ල බලමු අපි ඉපදුනේ කොහොමද කියලා.... මතක් කර ගන්න ඔයාගේ අම්මවයි තාත්තවයි.... ඒ දෙන්න ආදරේ කරේ නැත්නම් ඒ දෙන්න විවාහ වෙන්නේ නෑ.... ඉතින් එතකොට අපේ පැවත්මක් කොහෙද! බලන්න මිනිසාගේ පැවත්ම තනිකරම ආදරේ නිසා තමයි වෙන්නේ.... අපි ඉපදුනේත් ආදරේ කරන්න තමයි..... අපේ පරම්පරාව අපිම තමයි ඉස්සරහට ගෙනියන්න ඔනේ.... ඉතින් ඒකට ආදරේ අත්යාවශ්ය දෙයක්! හැබයි සහෝලා මේ මිනිස් පැවත්ම ආදරේ නිසා වෙනවා වගේම මිනිසාගේ අවසානයත් වෙන්නේ ආදරේ නිසා තමයි! ඔයාල නිව්ස් බලනකොට මරණ කීයක් ඇහෙනවද ආදරයේ විරහව නිසා සිය දිවි නසා ගත්තුවා! ඕක ඉතින් මෝඩ ආදරයක්.... තමන් තනිකඩ උනා කියලා, තමන්ගේ ආදරය අහිමි උනා කියලා මැරෙන්න ඕනෙයැ? තව එකක් හොයා ගන්නකෝ! ඔන්න ඕකයි මේ මෙයා කියලා තියෙන්නේ.... සහෝලා ඔයාලත් ආදරෙන් අන්ධ වෙන්න එපා... එහෙම උනොත් ඉතින් ආයේ ඒ ගැන කතා කරලා වැඩක් නෑ!

"But LOVE is blind,
 And lovers cannot see
 The pretty FOLLIES that
 Themselves commit"
               - William Shakespeare-
ආදරය අන්ධයි.... ඒ නිසාම ආදරවන්තයන්ට ආදරයේ අතපසු වීමකින් සිදුවන ශෝකය නොපෙනේ"  මම කලිනුත් කිව්ව නේද ආදරය අන්ධයි කියලා? මෙන්න තියෙනවා සාක්ෂි.. මේක මම නෙවෙ කියලා තියෙන්නේ,, ෂේක්ස්පියර්.... සහෝලා ඔයාලටත් මේ වගෙ අද්දැකීම් ඇති... ඔයාලා බොක්කෙන්ම කාට හරි ආදරය කරනකොට, එයාගේ වැරදි, අඩුපාඩු එහෙම පේන්නෙ නෑ නේද? යාලුවෝ මොනවා කිව්වත් එයාව ඔයාට හොඳයි නේද? අන්න ඒක තමයි..... හැබයි මෙහෙම වෙද්දී පොඩ්ඩක්... ආ පොඩ්ඩක් කිව්වට ගොඩක් මොලේ පාවිච්චි කරන්න ඕන නැත්නම් ඉතින් පස්සෙ තමයි පසුතැවෙන්න වෙන්නේ..... ඒක නිසා ඔයාලත් ආදරෙන් අන්ධ වෙන්න කලින් හරියටම දැනගන්න ඔයාගේ ආදරේ ඔයාට හරියන එකක්ද කියලා..  තව එකක් සහෝලා ..,, ඔයා ඔයාටම ගැලපෙන කෙනත් එක්ක ආදරෙන් අන්ධ උනා කියලා හිතමු.... හැබයි ඊට පස්සෙ වෙන පොඩි පොඩි අතපසුවීම් ගැනත් පරිස්සමෙන්! මොකද මේ පොඩි දේවල් වලට පුලුවන් ඔයාගේ ආදරේට නැවතීමේ තිත තියන්න.... ඔය මොනවා කරත් සහෝලා ඔව්ව ගැන ආදරේ කරන්න කලින් හිතුවොත් ඔයාලට ගොඩාක් වාසි වෙයි.....

"He is not a 
LOVER,
Who does not love
FOREVER"
                -Euripides- 
"සදාකල් ආදරය නොකරන්නා සැබෑ ආදරවන්තයෙකු නොවේ" ඔන්න තේරුම....
බලන්න සහෝලා ඔයාලත් මේ වගේ දේවල් වලට මුහුණ දීලා ඇති..... ඔයා ඔයාට හරියන ආදරය හම්බවෙනකන් ආදරය කරපු කට්ටියගෙන් වෙන් උනේ ඔයාට එයා ඔයාගේ නියම ආදරය කියලා හිතුනේ නැති හින්දා නේද? ඒක තමයි... ඔයාට ඇත්තටම බොක්කෙන්ම ආදරය කරන්න බැරි නම් එයාට ආදරය කරන්න එපා... ඒකෙන් වෙන්නේ දෙන්නාගේම අනාගතය අඳුරු වෙන එක.... සැබෑ ආදරවන්තයෙක් වෙන්න... කෙලින් කතා කරන්න.... සහෝලා ඔයාලා හැම තිස්සෙම ඔයාගේ ප්රශ්න හිතේ තියාගන්නේ නැතුව ඔයාගේ ආදරවන්තයා එක්ක කතා කරන්න...... ඒ මොකද ඔයාලට එතකොට හිතාගන්න පුලුවන් ඔය දෙන්න ඇත්තටම එකිනෙකාට ගැලපෙනවද කියලා... අනික ඔයා ඔයාගේ ආදරවන්තයා ගැන නොදන්න දේවල් තියෙන්න පුලුවන්.... ඔයාට වෙන එෆෙයාර් එකක් තියෙනම්, කැමති වෙන කවුරු හරි ඉන්නවනම් කෙලින් කතා කරලා විසඳගන්න..... හැබැයි එහෙම කෙලින් කියන දෙයක් අනිත් කෙනා සාවදානව අහන් ඉන්නත් ඕනේ.... නැත්නම් ඉතින් ඔව්ව ඉවර වෙන්නේ මරාගෙන තමයි..... ඒ උනාට තමන්ට ජෙනුයින් වෙන්න බැරි නම්, ඇයි බොරු කරන්නේ? සමහර වෙලාවට මෙහෙම වෙන් වෙන කට්ටිය අන්තිමට හිටියට වඩා හොඳ ජීවිත ගත කරනවා..... අන්න ඒකයි වෙන්න ඕනේ... එකිනෙකා වටහාගන්න... ඇත්තටම ආදරය කරන්න!

එහෙනම් සහෝලා අදට Love Quotes ඉවරයි..... මේ දේවලුත් හිතේ තියාගන්න.... හිතේ තියාගත්තට වඩා ඇත්තටම ජීවිතේට එකතු කර ගන්න.... :)  ගිහින් එන්නම්... 

 I'm Nima 

Friday, September 19, 2014

Culture කචල්

                 Culture කචල්

හාලෝ යාලුවනේ......අද බ්ලොග් එකෙ මාතෘකාව ඔය හැමෝටම වැදගත් වෙන සහ හැමෝම අහල ඇති එකක්. Culture එක. මොකක්ද මෙ culture එක? Culture කියලා අපි සරලව ගත්තොත් එකෙන් කිය වෙන්නේ "අපි එදිනෙදා ජීවත් වෙන පරිසරයේ ඇති සමාජ සම්මත සිරිත් විරිත් රටාව" ඕක මම හොයා ගත්තේ පොතක තිබිලා හොඳේ.... ඔයාල හැමෝම අහල ඇති ඔයාලගේ අම්මලා එහෙම කියනවා "හාපෝ කොළඹ culture එක නම් ගන්න දෙයක් නෑ කියලා" ඔයාලගෙ අම්මලා එතනදී නම් සම්පූර්ණ වැරදියි. එ මොකද ඒක culture එකෙ වැරද්දක් නෙවෙයි. එකට එකතු උනු අලුත් කොටස් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

හොඳයි අපි ඉස්සෙල්ලම බලමු ලංකාවේ සාම්ප්රදායික culture එක.
ලංකාවේ පරණම culture එකට දැන් කට්ටිය ඉතින් කියන්නෙ "ගොඩේ" කියලනේ.... ඒ උනාට සහෝ ලා මේක තමයි අපේ හෙළ පාරම්පරික culture එක. බලන්න එදා පිරිමි තමයි සමජයේ මූලිකයා... ඒත් එක්කම ගැහැණිය තමයි පිරිමිත් එක්ක කරි හරියට ඉඳන් කළමනාකරනය කරන්නේ. කොටින්ම කිව්වොත් management පාට් එක කරන්නෙ කාන්තාව තමයි.... පිරිමි ගැන විශේශයෙන් කියන්න ඔනේ දෙයක් තියෙනවා... ඒ කාලේ ඉතින් වොඩ්කා, විස්කි වගේ HIFI බීම නෑ... කොහෙන් හරි රා කට්ටක්, අරක්කු ටිකක් එහෙම අරන් තමයි ඇඟ පත රත් කරගත්තේ.... හැබයි එකක් සහෝ.... එදා පිරිමියා දන්නවා කොච්චර බිව්වත් තමන්ගේ ලිමිට් එක තියාගෙන ගෙදර යන්න... ( මොකද ඒ කාලෙ ගෑනුත් ටිකක් ඉතින් සැරයි නේ!) 
පිරිමි ගැන කිව්ව වගේම ගැහනු ගැනත් නොකිව්වොත් හරි නෑ නේ! මට ඒ කාලෙ අපේ කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නේ එකම එක දෙයයි......
ඒ කාලේ නෝනලා, අක්කලා, නංගිලා ඔක්කොම දැනගෙන හිටියා තමන්ගේ විනය සහ පති වත පරිස්සම් කර ගන්න..... ඔච්චර තමයි... ඔව්ව ගැන මට වඩා ඔයාල දන්නවා ඇති නේ!....
තව ඉතින් ඒ කාලේ ඉතින් ටීවී ඉන්ටෙනෙට් එහෙම නෑ... ඔනෙ නම් ගමටම එක රේඩියො එකක් ඇති... ඔකෙන් තමයි මුලු ගමම අලුත් විස්තර හොයා ගන්නේ....
ඔය ඉතින් ඒ කාලේ ගැන විස්තර ටිකක් විතරයි....

හොඳයි අපි දැන් බලමු නූතන ලංකාවේ එක...
සහෝලා මේ culture  එක සම්පූර්නයෙන්ම බිහිඋනේ ලංකාවට ආක්රමණ එල්ල උනාට පස්සෙ.... ඔයාලගේ බාසාවෙන් කිව්වොත් "සුද්දා" ආවට පස්සෙ.....අපේ මිනිස්සුත් ඉතින් "නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් මොකෝ" කියලා සුද්ද ව කොපි කරන්න ගත්තා නොවැ.... ඕං ඉතින් අන්තිමට සුද්දා යනකොට ඌ සුද්දා අපි ගොඩ සුද්දා....  දැන් බලන්න සහෝ මේ කොපි කිරීමක් නිසා වෙච්චි දෙයක්... අපි තාක්ශණය පැත්තෙන් දියුනු උනා ඒක ඇත්ත ඒත් අනිත් පැත්ත ( ඔයාලට හිතාගන්න පුලුවන් නේ) පට්ටෙටම ආයෙ ගන්න දෙයක් නැති වෙන්න පදිරි වෙලා.... පිරිමි බීල, කුඩු ගහලා, පොඩි උන්ට හදි කොරලා උපාසකය වෙනෝ.... ඒ අස්සෙම ගෑනුත්  ඒකටම හරියන්න පික් පොකෙට් ගහලා, තමන්ගෙ ඇඟ මුදලට විකුනලා ( කොල්ලන්ට කන පැලෙන්න ගහලා ලොල්) තමන්ගෙ වරිගයා නැත්තටම නැති කර ගෙන......  ඔව්ව අස්සෙ සම- හරක් කියනෝ " ආ ඕක මොකක්ද අපි යුද්දේ දිනුවා නේ! එව්ව මෙව්ව අපිට වැඩක් නෑ....  සහෝ ලා බලන්න මේ කතාව.. නෙට් එකෙ තිබුනේ,,,,, 

ELEMENTARY SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone- "ewwwweww"

MIDDLE SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone - "awww how cute!"

HIGH SCHOOL
*Boy kisses a girl
*Girl kisses back
Everyone - "get a room damn"

ඕං බලන්න ඔය තියෙන්නෙ මේකයි,
ප්රාථමික පාසලේදී කෙල්ලෙක් කොල්ලෙක්ව කිස් කරාම වටේ උන් කියනවා " නොදකින් විතරක් කියලා"
ද්විතීයික පාසලේදි එහෙම කිස් කරාම වටේ උන් කියනවා " ආනේ කොච්චර cute ද?"
උසස් පාසලක කිස් කරොත් වටේ උන් කියනවා " ඕයි පලයන් කාමරෙකට කියලා"
මේකයි සහෝලා මං මේ කියන්න ට්රයි කරේ අපේ වයසත් එක්ක අපි මුහුන දෙන culture එක වෙනස් වෙනවා..... ඔන්න ඔය වගේ culture 2 ක් අතර ගන්ධබ්බ කාලේදි තමයි culture කචල් වෙන්නේ.... පොඩි එකා ශිෂ්යත්වය කරලා හය වසරට ගියාම ඌ නිකන් කරකවලා අත ඇරියා වගේ... ලොකු ක්ලාස්, ලස්සන ලස්සන මල්..... අපේ අම්මලා ඔය කාලෙට තමයි තමන්ගේ දරුවව පරිස්ස්ම් කර ගන්න ඕනේ.... මොකද මේ පොඩි එකා තමයි කවදා හරි පරම්පරාව ගෙනියන්නේ හොඳේ...

දැන් සහෝ ලා ඔයාලට පේනවා නේද අපේ culture එක වයස අනුව ටික ටික වෙනස් වෙන හැටි.... ඔය ඉතින් අපේ culture එකේ එක පැත්තක් විතරයි... තව ඕනේ තරම් පැති තියෙනවා..... මං හිතන්නේ අදට ඔය ඇති... පරිස්සමෙන් සහෝලා culture කචල් කර ගන්න එපා... ගිහින් එන්නම්

I'm Nima 

Thursday, September 18, 2014

ආදරය quotes වලින් - 2

ආදරය quotes වලින් - 2

පහුගිය සතියේ ආටිකල්  එකෙන් ඔයාල දැනගන්න ඇති නේ ලොකු ලොකු මිනිස්සු එයාලගේ ආදරය ගැන කියපු දේවල්! අදත් අපි ඒ වගේ ටිකක් ගැන කතා කරමු....

"LOVE is not a matter of
What happens in LIFE
It's a matter of what
Happening in your HEART"
             - Ken Keyas -
"ආදරේ කියන්නේ ජීවිතේ වෙන සාමන්ය දෙයක් නෙවෙයි ලු..... ආදරේ කියන්නේ ඔයාගෙ හදවත ඇතුලේ වෙන දෙයක් ලු..." සහෝ ලා ඔයාල ගොඩක් කට්ටිය ඉතින් ජීවිතේ දෙතුන් පාරක් වත් ආදරේ විඳල ඇති නේ.... හැබැයි ඔයාලා marry කරාට පස්සෙ ඔයාලටම තේරෙනවා ඇති සැබෑ ආදරේ ඇත්තටම තියෙන්නේ ඔයාගේ හදවත ඇතුලේ කියලා. ඔයාල marry කරලා ඔයාලට ළමයි එහෙම ඉන්නකොට ඔයාලට ඒ බැඳීම තේරේවි. ඒ බැඳීම කාටවත් වෙනස් කරන්න බැරි තරම් ශක්තිමත් එකක්....තව එකක්, බලන්න මේකේ තියෙන්නවා "happening in your heart " කියලා ඒ කියන්නේ මේ ආදරේ එදා ඉඳන් අද දක්වාම දිගටම තිබුනු හෙටටත් පවතින එකක් කියලා... 
අපි තව එකක් බලමු....

"Meeting you was fate
Becoming friends with you was choice
But falling LOVE with you 
Was out of control"
ඔබ හමු වීම මගේ දෛවයයි...ඔබ සමඟ මිතුරු වීම මගේ තෝරාගැනීමයි..... නමුත් ඔබ සමඟ ආදරයෙන් වෙලීම මගේ පාලනයෙන් තොරයි"
ඔන්න ඕකයි තේරුම..... බලන්න සහෝ ලා ඔයාලටත් මේ වගේ දේවල් හිතිලා ඇති නේ? සමහර වෙලාවට ඔයා ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඉස්සෙල්ලම හම්බවුනු පාර මතක් කරලා බලනකොට ඔයාලටත් හිතෙන්න ඇති මේක තමයි දෛවය කියලා....  ඊට පස්සෙ සිරා කට්ටක් කාලා නිකම්ම නිකන් යාලුවෙක් වෙන එක ඉතින් කොහොමත් ඔයාගේ තෝරාගැනීම නේ.... ඊට පස්සෙ දෙන්න දන්නෙත් නෑ දෙන්න එකිනෙකාට ආදරය කරනවා.... මාරයි නේ? ඕක තමයි ඉතින් ජීවිතේ... සහෝල සමහර දේවල් අපි හිතල මතලා කරාට සමහර දේවල් එහෙම නෑ... එව්ව අපිටත් නොදැන වෙන දේවල්..... හැබයි ඔයාල එකක් මතක තියාගන්න සහෝලා... සමහර දේවල් ඔයාලට නොදැනී උනාට එව්ව වෙනකොට පොඩ්ඩක් ඔයාලගේ මොලේ පාවිච්චි කරලා හිතලා බලන්න... හැම තිස්සෙම හරි තීරණ ගන්න..... නැත්නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි......

"If you ever find someone
Who makes you smile
And makes your life complete
Face the fact and down your pride
Never let go that person of you
Because there's no one I u found the real one"
"ඔබට කවදා හරි කවුරු හරි ඔයාව සතුටු කරන, ඔයාගේ ජීවිතේ සම්පූර්න කරන, කෙනෙක් හමු උනොත් කවදාවත් එයාට යන්න දෙන්න එපා.... ඒ මොකද ඔයා ඔයාගේ සැබෑ ආදරේ හොයගත්තට පස්සෙ ඔයාට මේ ලෝකේ වෙන ආදරයක් නෑ......"
ඔන්න ඕකයි තේරුම...... බලන්න සහෝලා මෙයා කියන්නේ ඔයාලගේ ජීවිතේට හම්බෙන්නෙ එකම එක ආදරයක් විතරයි ලු..... ඒ ඔයාගේ ඇත්තම ආදරේ.... හැබයි ඔයාට ඒක මිස් උනොත් තව එකක් ඉතින් කොහෙන් හොයන්නද? ඔයාලත් මේ වගේ නේද සහෝලා? ඔයාලත් ඔයාලට හරියන, එක හම්බ වෙනකන් කී පාරක් නම් ලව් කරල ඇති ද? ඒ එකක් වත් ඔයාගෙ වයිෆ් කර ගත්තේ නැත්තේ එයාල ඔයාට හරියන්නෙ නැති හින්දා නේද? හැබයි ඔයාලා marry කරාට පස්සෙ ඔයාගෙ වයිෆ් තමයි ඔයාලගේ ඇත්තම එක.... ඒකනේ ඔයා එයාව marry කරේ!

එහෙනම් අදට love quotesඉවරයි..... ඔයාලත් මෙ බලලා ආදර්ශයක් ගන්න..... ගිහින් එන්නම්.... අයෙ හම්බෙමු....

I'm Nima 

Tuesday, September 16, 2014

කට්ටිය මට සමාවෙන්න

Ah halow....කොහොමද යාලුවනේ....... කට්ටිය මට සමාවෙන්න ඔනේ තව සති දෙක තුනකට පෝස්ට් එකක් දාන්න වෙන්නෙ නෑ.... පොඩි වැඩක් සෙට් උනා... මම ආයෙත් ඉක්මනට එන්නම්.... 

Friday, September 5, 2014

ආදරය quotes වලින්

ආදරය quotes වලින්

ආදරය කියන්නෙ ඉතින් ඔයාගෙ හිතේ තියෙන feeling එකක්නේ.... ඕක ඉතින් එකිනෙකාට අනිවාම වෙනස් වෙන්නත් එපායැ. ඉතින් ඔය එක එක කස්ටිය ආදරය ගැන කියපු දේවල් වලින් අපිටත් අපේ ආදරයට ආදර්ශ ගන්න පුලුවන්. ඒකට හොඳම ක්රමේ තමයි quotes බලන එක.

ඕං මම දවසක් නෙට් එක පැත්තේ රස්තියාදු පාරක් ගහනකොට තමයි මේ quotes ටික හම්බ උනේ. අපි බලමු මේ quotes වලින් අපිට ගන්න පුලුවන් දේ මොනවද කියලා.........

"Love is just a word until someone comes along and gives it meaning"  
ඔන්න පලවෙනි එක. ඉස්සෙල්ල හොඳට කියවලා බලන්න ඔයාට මොකක්ද හිතෙන්නෙ කියලා. ඔතන කියන්නේ love කියන දේ නිකම්ම වචනයක් විතරයි ලු. හැබයි ඒ කවදා හරි කවුරු හරි ඇවිල්ල ඔයාට ඒ වචනේ තේරුම කියලා දෙනකම් විතරයි ලු. ඒ කියන්නෙ ඔයාට ආදරය කියන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න වෙන්නෙ ඔයත් ආදරය කරන්න පටන් ගත්තු දවසටම තමයි. අන්න එදාට ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාට love කියන වචනේ තේරුම කියලා දෙයි. ඉතින් සහෝ ලා පේනවා නේද ආදරය එකාගෙන් එකාට වෙනස් වෙනවා කියලා. 
අපි තව එකක් බලමු.

"Love is too strong a 
Word to say it too
Early, but it has too
Beautiful meaning
To say it"
ඔන්න කියන්නෙ කියන්න බැරි තරම් ශක්තිමත් වචනයක් ලු. හැබයි ඒක එහෙම වෙන්නෙ නියමිත කාලෙට කලින් ඒක කියන්න ගියාමලු. ඔයා හරි වෙලාවට කලාවට කියන්න ගියොත් ඒකෙ කියාගන්න බැරි ලස්සනක් ලු තියෙන්නෙ. ඕක ඉතින් කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඔයාල ඔනේ තරම් බූට් කාල ඇති නේ. ( ඉස්කෝලෙ එහෙම!) LOL ඉතින් සහෝ ලා තේරුම් ගන්න ආදරය කරන්නත් වෙලාවක් එන්න ඔනෙ. වෙලාව හොඳ නැත්නම් ඉතින් සෙත්තපෝච්චි තමයි. හැබයි ඔයාල වැරදියට හිතන්න එපා. ආදරය කරන්න පස් මහ බැලුම් එහෙම බලන්න ඕනෙ නෑ. වෙලාව ආවම ඔයාටම තේරෙවි ඔයා කාට හරි ආදරය කරනවා කියලා. අනිත් එක තමයි ආදරය කියන්නෙ පුදුමාකාර බැඳීමක්. කවදාවත් කාටවත් ඒක පැහැදිලි කරන්න බෑ. සහෝ ලා ඔයාලම තමයි ඔයාලගෙ ආදරේ හැඩගස්සවා ගන්න ඕනේ.

"Your love is a gathered storm
I chased across the sky
A moment in your arms
Became the reason why
You alone are my light
I would give anything to feel
You in my arms tonight"
"ඔබ ,අහසේ ඒ මේ අත සැරිසැරූ සැඩ කුණාටුවකි.මා අහස පුරා එළවා ගියේ ඔබ පසුපසයි.ඔබගේ දෑතේ එක මොහොතක් විය හේතුව ඔබ මාගේ ආලෝකය වන්නට. ඔබ මාගෙ දෑතට ගැනීමට මා ඔනෑම දෙයක් කරමි."
ඔන්න ඕකයි තේරුම. දැන් ඔයාල මං දිහා අමුතුවට බලන්න එපා මොකද මූ එක පාරටම තේරුම කියලා දැම්මෙ කියලා. 
මේ වනාහී ඕනෑම ආදරවන්තයෙකුගේ ප්රකාශයකි. මේකෙනුත් ඔයාලට ගන්න දේවල් ටිකක් තියෙනවා. බලන්න මෙයා කියන්නෙ එයාගෙ ආදරවන්තිය කුණාටුවක් වගේ ලු. කුණාටුවක් කිව්වම ඉතින් ඔයාලට දැනටමත්  හිතාගන්න පුලුවන් නේ ඇයි කියලා. ගැහැනු හිත ඉතින් නිතරම වෙනස් වෙනවලු නේ. හබයි ගැහැණියට කොච්චර තරහ ගියත් (180 ටම නැග්ගත්)LOL  පොඩි හරි අහිංසක කමක් තියෙනවා. බලන්න ඒක මේ එක කියපු එක්කෙනා කියලා තියෙන හැටි. Storm එක නම් ගැහැණියගේ හිතෙත් light එක එහෙම නැත්නම් ආලෝකය එයා එයාගේ ජීවිතය කර ගන්නවා. බලන්න සහෝ ලා ඔයාලටත් පුලුවන් නේ ඔයාලගෙ ආදරවන්තයා ගෙන් හෝ ආදරවන්තියගෙන් නරක අයින් කරලා හොඳ දේ විතරක් ගන්න. 
ඒත් එක්කම එයා කියනවා එයාගේ ආදරවන්තියව එයාගේ ලඟට ගන්න එයා ඔනෙම දෙයක් කරනවා කියලා. බලන්න සහෝ ලා මෙයා වගේ ඔයාලත් ඔයාලගේ සිරාම love එක වෙනුවෙන් ඔනේ දෙයක් කරාට කමක් නෑ. හැබයි මොලේ පාවිච්චි කරන්න. මොකද සමහර පුංචි අත්වැරදීම් "මඟුල මල මඟුල" කරලයි නවතින්නේ.තව එකක් දැන් අපි හිතමු ඔයාල දෙන්න මේ වගේ ඉදලා marry කරා කියලා. හැබයි marry කරාට පස්සෙත් මේ විදියටම ඉන්න ඕනේ හොඳෙ!

"Always listen
To your HEART
Because
Heart is the guide
Of your
LOVE"
          -Nima-
ඔන්න මේක මගේ quote එකක්......  හොඳයි "හැමතිස්සෙම ඔයාගෙ හදවත විශ්වාස කරන්න. ඒ මක් නිසාද යත් හදවත ඔබගේ ආදරයේ මාර්ගෝපදේශකයා වන බැවිනි" ඔන්න ඕකයි තේරුම. දැනටමත් ආදරය විඳින සහෝලා දන්නවා ඇති මම මේ මොකක්ද කියන්නෙ කියලා. ඔයාලගේ ආදරය හරීම හිතුවක්කරයි. දකින දකින හැම ආස දේම වලඳගන්නවා. ඒ උනාට ඔයාගෙ හදවත තමයි ඔයාගෙ ආදරය control කරලා තියාගන්නෙ නැත්නම් ඉතින් මේ ලෝකයේ සැබෑ ආදරය සැඟවිලා යාවි. සහෝලා ඔයා ඔයාගෙ crush එක දැක්කම එක පාරට ඔයාගෙ heart beat එක වැඩි වෙනවා නේද? අන්න ඒක තමයි මම කිව්වෙ ආදරයයි හදවතයි එකට බඳිලා තියෙන්නේ. තව එකක් ඔයාට සමහර වෙලාවට එක්කො කෙල්ල හරි කොල්ල හරි තරහ වෙලා, එයාට දෙන්න ඔනේ present එක මොකක්ද කියලා වගේ ප්රශ්න ඇති වෙනවා. එතකොට හොඳම දේ තමයි සහෝ හදවතට ඇහුම්කන් දෙන්න. ඒ මොකද ඔයාගෙ හදවත ඇතුලේ ඔනේම ප්රශ්නෙකට උත්තර තියෙනවා.හදවත කියන්නේ අපි හැමෝගේම ජීවිතය. ඒ මොකද හදවත නැත්නම් අපේ ලේ ගමනාගමනය නැවතිලා අපිව මැරෙනවා. ඉතින් සහෝ හදවත අපේ ජීවිතේ නම් අපිට ජීවිතේ මුහුණ දෙන ඔනේම ප්රශ්නයකට උත්තරත් මේ හදවත ඇතුලේ ඕනේ නේද?

එහෙනම් කස්ටියයය..... මේ පෝස්ට් එකත් ඉවරයි. දැන් ඉතින් ඔයාලට තේරෙන්න ඇති ලොකු ලොකු මිනිස්සු එයාලගෙ ආදරේ ගැන කියපු quotes  වලින් අපිට ගන්න පුලුවන් දේ මොනවද කියලා.( හැබයි අන්තිම quote එක ඇරුනම :) ලොල්) එහෙනං තව පෝස්ට් එකකින් හම්බ වෙමු එතකන් ඔයාලගේ මඟුල ෂේප් එකෙ සිරාවටම බොක්කෙන් තියාගෙන ඉන්න... ගිහින් එන්නම්.....

Friday, August 29, 2014

ජීවිතය

                ජීවිතය

ගොඩක් දෙනා මෝඩ තීරණ වලට වහල් වෙලා නැති කරගන්න හදන ජීවිතය ගැන අද අපි කතා කරමු.
ජීවිතය. ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. නිකන් විශ්වය වගේ. ඉමක් කොනක් නැති විශ්වය පිරිලා තියෙන්නෙ තරු වලින්. ඒ වගේමයි ජීවිතෙ, මේකෙත් ඉමක් කොනක් නෑ. ඒ වගේම තරු කියන්නෙ අපි ඉපදිච්ච දවසේ ඉදන් එකතු කර ගත්තු අත්දැකීම්. අපි ඉස්සෙල්ලම අපේ මෙ ශරීරය ගැන බලමු. හොදයි ඉතින් කස්ටියට ශරීරය ගැන කිව්වම ඉතින් එක එක එව්ව මතක් වෙනෝ නේ! මේ ශරීරය අපිට ප්රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. දන්නවද මොනවද කියලා? ඒ තමයි භෞතික ශරීරය සහ විඤ්ඤාණය. මම මෙ බර වචන පවිච්චි කරේ වෙන වචන නැති හින්දා හොදේ සහෝ..... ඔයාල ඉතින් ඉන්ගිරිසි වචනෙ කිව්වොත් දන්නව ඇති. ඒ තමයි "physical body" and "Astral body"
Physical body කියන්නේ අපිට අතින් අල්ලන්න පුලුවන් ශරීරයෙ කොටස්. එව්ව ඉතින් ඔයාලා දන්නව ඇති නේ. සහෝ ලා අහල තියෙනවද ඔයලගෙ මනස, විඤ්ඤානය එහෙමත් නැත්තම් consciousness තියෙන්නෙ ඔයාලගෙ කොඳු ඇට පේලියෙ දිගේ කියල? මාරයි නේ? මමත් හරියට දන්නෙ නෑ හොඳේ. මමත් මේක පොතක දැක්කේ. මෙ විඤ්ඤානය අඟල් 8 ක් දිගයි ලු. නිකන් දම්වැලක් වගේ ලු. කොහොම උනත් මෙ මනසට කරන්න පුලුවන් දේ අප්රමාණයි. ඔයාලත් අහලා ඇති නේ "නොහැක්කක් නොමැත" කියලා. අන්න ඒ වගේ අපේ මනසට කරන්න බැරි දේවල් නෑ. ඔයාලා මට මේ දේ කරන්න ඕනේ කියල හිතුවොත් අනිවා අපේ මනසට ඔයාට ඕනෙ දේ කරන්න පුලුවන්. 
ඊජිප්තුවේ පරණ වැසියෝ,, එයාල එකට කියන්නෙ "කා" කියල. එයාලගේ විශ්වාසයට අනුව මිනිසෙක් මැරුනාම එයාගෙ ශරීරයෙන් මේ කා ගැලවිලා වෙනම ආත්මයක් විදිහට ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ ආත්මයට ජීවත් වෙන්න තමයි එයාල පිරමිඩ හැදුවේ. . මේ සමහර "කා" ලා ඉතින් අදටත් ඉන්නව කියල තමයි කියන්නෙ. ඒක විශ්වාස කරන එක ඔයාලගෙ වැඩක්. ඒත් මම නම් ඕක විශ්වාස කරනවා මොකද Paul Brunton ගේ "A search in sacred Egypt" කියන පොතේ එයාගෙ පිරමිඩ අතුලෙ එයාම විඳපු අත්දැකීමක් තියෙනව. ඔයලත් ඒ පොත කියවල බලන්න.

හරි ඉතින් කොහොමින් කොහොම හරි අපි මතෘකාවෙනුත් එලියට ආවා නේ. කමක් නෑ ඉතින් ඔයාලත් මෙව්ව දැන ගන්න එපැයි!

හරි අපි කතා කරේ ජීවිතේ ගැන. හොදයි ඔයාලට පට්ටම දුකක් දැනුනම මොකද හිතෙන්නෙ? ජීවිතේ එපා වෙනවා නේ? හරි තව පට්ටම සතුටක් දැනුනු වෙලාවට ඔයාලට නිකම්ම කියවෙන්නෙ " අන්න ජීවිතේ" කියල නේ? ඔන්න පේනවා නේද අපේ මනස හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ සතුට. ඒත් දුකත් අපි මනසට හුරු කරන්න ඕනෙ. ඒ මොකද නැත්නම් මනසට ඒ දුක දරාගන්න බැරුව මහා විනාසයක් වෙන්න පුලුවන් නිසා. සහෝ ලා දුක = 2 x සතුට කියන සූත්රය හැම තිස්සෙම මතක තියා ගන්න. 

දුකක් එහෙම නැත්නම් shock එකක් ආවම ඉස්සෙල්ල නිශ්ශබ්ද තැනකට යන්න.ඒ කියන්නෙ ඒ පරිසරයෙන් ඉවත් වෙන්න. ඒක තමයි පළවෙනි පියවර. තව ඔනෙ නම් slow, calm ඔයා කැමති මියුසික් එකකට ඇහුම්කන් දෙන්න. ඔයාටම දැනෙයි ඔයාගෙ මනස සන්සුන් වෙන හැටි. ඊට පස්සෙ හිමින් හිතලා බලන්න ඇයි ඒ දුකට හේතුව කියලා. ඒත් එක්කම ඔයාට ඒ දුක සතුටකට හරව ගන්න හැටි ඔලුවට ඒවි. සරලයි නේද සහෝ? මේ විදිහට දුක = 2 x සතුට කර ගත්තාම ඔයාලගෙ ජීවිත තව ගොඩාරියක් ලස්සන වේවි.

අද සමාජයේ ගොඩාක් දෙනා සිය දිවි නසා ගන්න ට්රයි කරනවා. හොඳයි ඔයාලටම හිතෙන්නෙ නැද්ද ඒක මහා මෝඩ වැඩක් කියලා. අපිට මෙ ලස්සනට ලැබිලා තියෙන ජීවිතය නාස්ති කරගන්න තරම් ගොන් හරක් නුත් මේ ලෝකෙ ඉන්නවනේ! සහෝ ලා ඔයාලටත් කවදා හරි එහෙම එකක් ආවොත් ඉස්සෙල්ලම යන්න තමන් අදහන ආගමේ ශාස්ත්රොවරයා ගෙ photo එකක් ගාවට යන්න. බය නැතුව කෙලින්ම ඇස් දෙක දිහා බලන්න ඔයාගෙ මනස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි සහෝ මොකද කිසිම ආගමක කියලා නෑ සියදිවි නසාගන්න කියලා. ඊට පස්සෙ තියෙන හොඳම දේ තමයි ඔයාගෙ ඔලුවෙ තියෙන ප්රශ්න කවුරු හරි එක්ක කතා කරලා ඔයාගෙ ඔලුව නිදහස් කර ගන්න එක. මේකට ඔයාලට සමීප, විශ්වාස කරන්න පුලුවන්, ෂුවර් ඔනෙම කෙනෙක් ලඟට යන්න. ගිහින් කතා කරන්න. එහෙම කෙනෙක් නැත්නම් මට කියන්න. මම ඕනෙ වෙලාවක ඔයාල වෙනුවෙන් ඉන්නවා. නැත්නම් මෙව්වටම විශේෂයෙන්  train කරපු specialized කට්ටිය ඉන්නව. ඒ කෙනෙක් ට කතා කරන්න. 

ඉතින් සහෝ ලා ඔයාලට තේරෙන්න ඇති ජීවත් වෙන හැටි. ජීවිතේ අපිට ගොඩාක් challenges එනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියන්නෙ. තව එකක් හැම තිස්සෙම මතක තියා ගන්න. ඒ තමයි ඔයාල ජීවිතේට ආදරේ කරොත් ජීවිතෙත් ඔයාට ආදරය කරයි. මේක කිව්වෙ මම නෙවෙ  Arthur Rubinstein.
ඉතින් සහෝ ලා සතුටින් ජීවත් වෙන්න. ආයෙත් හම්බ වෙමු.........

"I have found
That if you
LOVE LIFE
LIFE WILL
Love you Back"
                -Arthur Rubinstein-

පසුව ලියමි......
මම ඔයාලට කිව්ව නේද අර ඔයාලගේ ප්රශ්න කතා කරන්න විශේෂ කට්ටිය ඉන්නවා කියලා? එහෙම එක්කෙනෙක් තමයි මානව හැකියා හා සන්වර්ධන විශේශඥ පුහුණුකරු - සනත් ගමගේ සර් 
සර් ගේ ෆෝන් නම්බර් එක - 0777658658 
කතා කරන්න ප්රශ්න තියා ගන්න එපා....!!



Thursday, August 28, 2014

Let's begin!

කොහොමද සහෝලා,,,, ඔන්න මගෙ අලුත්ම වෙබ් පිටුව... ඔයාලගෙ ප්රශ්න අවුල් මගුල් සේරම පොස්ට් කරන්න.... අපි එව්වට අලුත් විදිහෙ අර්ථයක් දෙමු... එහෙනම් අපි වැඩ පටන් ගමු

ආහ් තව ඔයාලාගෙ කවි නිසදැස් වගේ එව්වත් පොස්ට් කරන්න

WELCOME!!!

ආහ්! කොහොමද කස්ටිය,,,, පොඩ්ඩක් ඉන්න හොදේ.... තව ටිකක් තියෙනව ඉවර කරන්න...... ඉක්මනට එන්නම්!! 

Hello guys.... I'm sorry there's some more to finish.... I'll be there soon.....