ලොකු ලොකු මිනිස්සු ආදරය ගැන කියපු ලොකු ලොකු දෙවල් අරගෙන අදත් මං ආවා love quotes අරගෙන..
අද පොඩි වෙනසක් කරනවා... මෙච්චර කල් මං අරන් ආවේ ලොකු ලොකු මිනිස්සු කියපු දේවල් නේ! අද මම අරගෙන ආවා මගේම quotes ටිකක්...
Live
In
Love
-Nima-
ජීවත් වෙන්න ආදරෙන්... ඔන්න තේරුම... බොහෝම සරල වගේ පෙනුනට මේක ඇතුලේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා.... දැන් බලන්න අපේ ජීවිතේ හැම දෙයක් ම එකින් එකකට සම්බන්ධ වෙන්නේ ආදරෙන්.... ගොඩාක් කට්ටියට ආදරය කිව්වම මතක් වෙන්නෙ අර කෙල්ලො කොල්ලො කොරන ආදරය... ඒකත් එකක් තමයි ඒ උනාට තව ගොඩාක් දේවල් තියෙනවා.... බලන්න ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාට ගොඩාක් ආදරෙයි නේද? ඒ ආදරේ තමයි මේ ලෝකෙ වෙනස් කරන්න බැරි එකම දේ! මොකද දරු ස්නේහය කියන්නෙ හැම අම්මෙක් තාත්තෙක් ගේ හදවතේ නොමැකෙන්න කොටල තියෙන දෙයක්... ඒකනේ ඔයාලා මොන වැරැද්ද කරලා ආවත් අම්මයි තාතයි ඔයාව ගෙදරින් එලවන්නේ නැත්තේ! එහෙමයි දරු ස්නේහය.....
ඔයාලා සත්තුන්ට ආදරෙයි නේද? එහෙම වෙන්න එපැයි, නැත්තම් මොකටද ඔයාල හුරතලේට බල්ලෙක් පූසෙක් හදන්නේ? ඔන්න තවත් ජාතියක ආදරයක්.... තමන්ගේම කියලා අක්කලා මල්ලිලා නංගිලා අයියලා ඉන්න කට්ටියට තියෙන එකක් තමයි සහෝදර ප්රේමය...... එකම පවුලේ සහෝදර සහෝදරයො එකම ලේ තියෙන අය නේ... තමන්ගෙ පවුලේ කට්ටියට කිසි දෙයක් වෙනවට කවුරුවත් කැමති නෑ නේ? ඔන්න සහෝදර ප්රේමය!
ඔන්න ඔය වගේ විවිධාකාර ආදරයන් ඇතුලෙ තමයි අපි ජීවත් වෙන්නේ!! හැබයි සහෝ එයින් එකක් හරි යන්තම්වත් පලුදු උනොත් ඉතින් වැඩක් නෑ... මොකද එහෙම උනාම ඒ බැඳීම බිඳෙන නිසා... අන්න ඒ නිසා ඔයාලත් බලන්න ඔය හැල හැප්පීම් අස්සෙ තමන්ගේ බැඳීම් ශක්තිමත් ව තියා ගන්න.... අන්න ඒකයි ආදරෙන් ජීවත් වෙනවා කියන්නේ!
Patience
And
Understanding
are the secrets of
Long Love
-Nima-
ඉවසීම සහ තේරුම් ගැනීම යනු දිගුකල් පවතින ආදරයක රහසයි.... ඔන්න තේරුම... ඔය ඉතින් කට්ටිය කොච්චර බොක්කෙන් ලව් කරත් හිටී ගමන් පොඩි පොඩි රණ්ඩු එහෙමත් ඇද ගන්නව නේ! ඔන්න ඔය වෙලාවට තමයි ඉවසීමයි තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ... ඒ වගේ රණ්ඩු වෙනකොට හොඳම දේ තමයි කට වහගෙන අහගෙන ඉන්න එක.... ඊට පස්සෙ ඕන හිමීට තමන්ගේ පෙම්වතා හරි පෙම්වතියගේ හරි එයාගේ ප්රශ්නෙත් අහලා තමන්ගේ තත්වෙත් බලලා උත්තරයක් දෙන්න.... මේක ගොඩක් වැදගත් වෙන්නෙ කොල්ලොන්ට.... සමහර කට්ටිය ඉතින් කෙල්ල බනිනලොට ආ එයාට විතරද කෑ ගහන්න පුලුවන්? මට ඔයිට වඩා පුලුවන් කියලා කෙල්ලට තරු විසි වෙන්න කෑ ගහලා බනිනවා.... ඔය තාම් මෝඩ වැඩක් තවත් නෑ..... එයා මොනවා කිව්වත් ඉවසගෙන ඒ කියන දේ තේරුම් අරගෙන උත්තර දෙන එක තමයි ඒ වෙලාවට හොඳම දේ.... හැබයි ඉතින් ඔය කෙල්ලොත් දැන ගන්න ඕන තමන්ගේ පෙම්වතා අඳුනගන්න... එයා ඔෆිස් එකේ ගර්ල්ස්ලත් එක්ක මීටින් එකකට යනකොට,, ඔෆිස් වැඩකට කාර් එකෙ එක්කන් ගියාම පෙම්වතියන්ට මාර ජෙල... ඔය වෙලාවට පොඩ්ඩක් තේරුම් ගන්න හොඳද කෙල්ලනේ! තව එකක්! සමහර වෙලාවට කෙල්ලො කොහේ හරි කඩේක තිබිච්ච මොකක් හරි දෙයක් ගැන හැම තිස්සෙම වර්ණනා කරනවා ඔයාලා ඔනේ තරම් අහලා ඇති.... කඩේක තිබිච්ච දෙයක් විතරක්ම නෙවේ යාලුවෙක් ගාව තියෙන දෙයක් වෙන්නත් පුලුවන්... ඔන්න ඒ වෙලාවට පෙම්වතුන් තේරුම් ගන්න ඒ දේට ඔයාගේ පෙම්වතිය ආසයි කියලා..... ඔන්න ඔයාට හොඳ චාන්ස් එකක් තියෙනවා හොඳ ප්රසන්ට් එකක් දෙන්න...... ඔන්න දැක්කද තේරුම් ගන්න එකේ වැදගත්කම!
Ignoring
Is
a kind of
Caring
-Nima-
නොසලකා හැරීම එක්තරා ආකාරයක ලෙන්ගතුකමකි....... ඔන්න තේරුම.... ගොඩක් වෙලාවට මේ අත්දැකීම තියෙන්නෙ කොල්ලන්ට..... තමන් කැමති කෙල්ල දිහා (කන්න වගේ) ඇසිපිය නොහෙලා බලන් ඉන්නකොට වෙලාවකට දුකත් හිතෙනවා නේද ඇයි එයා ඔයාව ගානකටවත් ගත්තේ නැත්තෙ කියලා?? කවුද දන්නේ එයා ඔයා දිහා බලනවත් ඇති, ඔයා ගැන හිතනවත් ඇති ඒ උනාට කෙල්ලො දන්නව ඒක අහු නොවෙන්න කර ගන්න...... මොකද ඉතින් 64ක් ම තියෙනවා නේ! ඉතින් මේ වගේ වෙලාවට කොල්ල දැනගන්න ඕනේ ටිකක් ඉවසගෙන ෂේප් එකේ තමන්ගේ වැඩේ කර ගන්න.... ඉවසීම නැති උනොත් ඉතින් වැඩෙ හබක්..... කෙල්ලොත් ආසයි නේ ටිකක් ගනන් උස්සන්න.... ඒ වෙලාවට තමයි බොරු උජාරුව.... හැබයි කෙල්ලෙක් උනත් කොච්චර ගනන් ඉස්සුවත් ආදරය හිතට දැනුනම ඉතින් 64 ම කැලේ..... අන්න ඒ නිසා කෙල්ලන් සහ කොල්ලන් ඔක්කොමලා දැන ගන්න නොසලකා හැරීමත් එක්තරා විදියක ලෙන්ගතුකමක් කියලා..... හැබැයි එහෙමයි කියලා කෙල්ල හරි කොල්ල හරි ඔයාට කෙලින්ම කැමති නෑ කිව්වොත් ඉතින් වෙන අතක් බලාගන්න වෙනවා.... ඒ වෙලාවට නොසලකා හැරීම ලෙන්ගතු කමක් නෙවේ.........
Eyes
Can speak
Louder
Than words
-Nima-
වචන වලට වඩා ඇස් වලින් බොහෝ දේ ප්රකාශ කළ හැකිය... ඔන්න තේරුම....ඇත්තටම ඇස් වලින් කතා කරන්න පුලුවන් ද? අපි මෙහෙම බලමු.. ඔයා කැමති කෙනෙක් දිහා බලන් ඉන්නකොට හදිස්සියෙවත් එයා එක පාරටම හැරිලා බැලුවොත් ඔයාල දෙන්න ඉස්සෙල්ල බලන්නෙ ඇස් දෙක දිහා නේද? බලනවා නෙවෙයි බැලෙනවා... පෙම්වතුන් දෙන්නෙක් කතා නොකරත් ඇස් දෙක දිහා බලන් ඉන්නකොට කතා කරාට වඩා වැඩිපුර ආදරයක් එතන තියෙනවා..... ඒ මොකද ඇස් වලට කවදාවත් බොරු කරන්න බෑ... ඔයා මොන බොරුව කිව්වත් ඔයාගේ ඇස් දිහා කෙලින් බැලුවහම ඔයා කියන්නෙ ඇත්තද බොරුද කියලා හරියටම තේරුම් ගන්න පුලුවන්.... පෙම්වතුන් රණ්ඩු වෙන එක ඉතින් සාමාන්ය දෙයක් නේ! දැන් හිතන්න ඔයාගෙ මොකක් හරි ලොකු කේස් එකකට පෙම්වතා හරි පෙම්වතිය හරි පලු යන්න බනිනවා... ඒ වෙලාවට තියෙන හොඳම දේ තමයි, කෙලින්ම ඇස් දෙක දිහා බලන් එයා කියන සේරම දේවල් අහන් ඉඳලා අන්තිමට සේරම දේවල් කියලා සමාව ඉල්ලන එක..... සමහර වෙලාවට ඔහොම කිව්වට ෂේප් නොවෙන්නත් පුලුවන් ඒ උනාට රණ්ඩුව ගොඩක් දුරට ෂේප් කර ගන්න පුලුවන්...... ඒ මොකද ඇස් වලට පුලුවන් කෙලින්ම හදවතට කතා කරන්න....
එහෙනම් අදට Love Quotes ඉවරයි..... මේ දේවලුත් ඔයාගේ ආදරයට එකතු කර ගන්න..... ගිහින් එන්නම්.....
I'm Nima
No comments:
Post a Comment