ලොකු ලොකු මිනිස්සුන්ගේ ලොකු ලොකු කියමන් අතරේ පිස්සු හැදෙන ආදරය හොයන් යන්න සෙට් වෙමු..
Love Quotes....
කලින් කිව්ව විදියට ඔන්න අද ගෙනාවා ඔයාලා මට එවපු Quotes ටිකක්...
Once...
We talk of
Friendship...
Then..
Love....
The Limits
Where
We cannot find....
-Anuradha-
"පළමුව අප යහලුවන් සේ කතා කලද, ආදරය හමු වූ තැන සීමා කොහිද? "ඔන්න තේරුම.... මේ තියෙන්නේ අපි කාටත් වෙන දෙයක්. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තව කෙනෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද? ඉස්සෙල්ල නිකන් බබාල වගෙ විනීතව සාන්ත දාන්තව ඉස්කෝලෙ මොකක්ද? ගෙවල් කොහෙද කියලා අහලා නිකම්ම නිකං යාලුවෙක් කර ගන්නවා නේද? ඊට පස්සෙ නෙ ටිකක් යාලුකම පෝර දාලා වෙඩි වගේ එනකොට තමන්ගේ හැඟීම් ඇවිස්සෙන්නෙ! ඔහොම ඔහොම දෙන්න හොඳට කතා කරලා එකිනෙකා අඳුන ගත්තට පස්සෙ තමයි ඉතින් ආදර පිස්සුව ගහන්නේ.. ඊට පස්සෙ දෙන්නගෙන් කවුරු හරි ඉස්සරවෙලා ආදරය අනිත් කෙනාට ප්‍රකාශ කරාට පස්සෙ ඔන්න ඒ මගුලත් හරි.. ඔය වැඩේම මෙහෙමත් වෙන්න පුලුවන්... නිකන්ම නිකන් යාලුවො දෙන්නෙක් ටිකක් කල් හොඳට දැන අඳුනගෙන ඉන්නකොට සමහර වෙලාවට දෙන්න යාලු වෙන්නත් පුලුවන්... දෙන්න සෙට් වෙලා බොක්කෙන්ම ලව් කරනකොට අර බබා පාට් කොහෙද ගියෙ? ඉස්සර නම් "ඔයා" , "නංගි" වගේ කතා කරපු ඩීසන් පාට් ටික රොකට් එකක දාලා අඟහරු වලටම යවලා... දැන් මොනවද? "බබා" , "පැටියා", "සුදූ" වගේ මී පැණි බේරෙන වචන ගොඩායි... අන්න දැක්කද යාලුවෙක් වගෙ කතා කරපු කාලේ තිබුනු සීමා මායිම් දැන් කොහෙද කියලාවත් හොයාගන්න බැරි වෙන ගානට ගියපු හැටි... හැබැයි යාලුවො වෙලා ඉන්දෙද්දී කරපු සමහර වැඩ වලට නම් යාලු උනාට පස්සේ තිත තියන්න වෙනවා.... උඹ බං බොලන් කියලා ඉස්සර කතා කරාට එව්ව දැන් බෑ.. ඒ වගේම මෙච්චර කල් හිටපු විරුද්ධ පාර්ශවයේ ෆ්‍රෙන්ඩ්ස්ලාටත් ටිකක් හරි වාරණ දාන්න වෙනවා.... එහෙමයි කියලා ඇඳිරි නීතිය දාන්න ගියොත් නම් වැඩේ සෙත්තපෝච්චි... ඔන්න ඔහොමයි නියම ආදරයක් හිතේ කැරකෙනකොට යාලුකම අස්සෙ තිබුනු සීමා මායිම් අහස උසට නගින්නේ.... මොනවා උනත් ආදරයට නම් සීමා නෑ..
The perfect guy is not the one
Who has most money or most handsome
He is the one who could always
Make you smile and care always
- Nuwangi-
"සැබෑ පිරිමියා යනු ආර්ථිකයෙන් හෝ කඩවසම් බවින් පිරිපුන් මිනිසා නොව, ඔබව හැමවිටම සතුටු කල හැකි සහ ඔබ ගැන සිතන මිනිසාය" ඔන්න ඕකයි තේරුම.... අපේ කොල්ලන්ට වඩා මේක ඔනෙ වෙන්නෙ කෙල්ලන්ට.... සමහර කෙල්ලො හිතන්නෙ සල්ලි තමයි ජීවිතේ කියලා.... ඔය ටිකක් දෙකයි දෙකේ දඩාර් කොල්ලෙක් නිකන් ජෙට් එකක් වගේ පතරංග බයික් එකක නැගලා ටිකක් සද්දේ දාගෙන ආවම කෙල්ලො එකා දිහා බලන්නේ නිකන් මේ ලෝකෙ වෙන පිරිමි නෑ වගේ... එහෙම නැත්තම් Audi හරි BMW එකකින් හරි කොල්ලෙක් බහිනවා දැක්කොත් ඉතින් ඒකා සෙට් කර ගන්න නොකරන දෙයක් නෑ..... ඉන්න ඕක නම් ආදරයක් නෙවේ... ඒ මොකද එතන තියෙන යාලුවීමේ පරමාර්ථය දත ගැලවීම විතරයි..... හදවතේ කිසිම බැඳීමක් නෑ... හැබයි මෙ විදියට පීචං වෙන්නෙ සමහර කෙල්ලො විතරයි... මේ වගේ නොවන කෙල්ලොත් ඔනෙ තරම් ඉන්නව හොඳද? මට නම් ඔයාලාට ඉතින් කියන්න තියෙන්නෙ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා... මොකද ආදරය කියන්නේ ලස්සන දෙයක්.... ඒක විඳින්න ඕනේ හරියටම ගැලපෙන කෙනත් එක්ක.... අපේ කෙල්ලන්ගේ පස්සෙන් එන කොල්ලො ඉතින් ගොඩාක් ඇති නේ? ඔය අතරින් ඔයාට ටිකක් හරි විශේෂ කෙනෙක් ඇති... ඒ වගේම ඒ විශේෂ කෙනාට ඔයාව සතුටින් තියන්න පුලුවන් නම්, ඔයාගේ මූනේ හිනාවක් හැමතිස්සෙම තියන්න පුලුවන් නම්, ඒ වගේම ඔයා ගැන හොයල බලලා ආරක්ෂා කරනවානම් ආයේ දෙකක් නෑ එයා තමයි ඔයාට ගැලපෙන නියම පිරිමියා..... ෆේස් කට් එකයි සල්ලියි නෙවෙයි හදවත දිහා බලන්න....
Mistakes are
Sometimes the
BEST
Memories
-Sewwandi-
"ඇතැම් වෙලාවට සොඳුරුතම මතකයන් වන්නේ සිදුවූ අත්වැරදීම් ය." ඕං තේරුම... අත්වැරදීම් අපි කවුරුත් අතින් වෙනවා... ආදරය කරද්දී වෙන පොඩි පොඩි අත්වැරදීම් වෙලාවකට ජරමර වෙනවා වගේම සමහර වෙලාවකට ලස්සන අත්දැකීම් වෙනවා... යාලුවෙලා ආදරය කරන දෙන්නෙක් රණ්ඩු වෙනවා, තරහා වෙලා ඉන්නවා ඔය වගේ පොඩි සීන් තමයි කවදාහරි ඒ ලස්සන කාලේ මතක් වෙන හොඳම සිද්ධි.... අපි කවුරුවත් එක පාරටම First love එක ගොඩ දාගන්නෙ නෑ නේ... එහෙම කරගන්න උන් එහෙමත් ඉන්නව... හැබයි ගොඩාක් අය දෙවනි හරි තුන්වෙනි හරි ඊටත් වඩා හරි එකක් තමයි දිනා ගන්නේ... ඉතින් ඔයාලා කවදා හරි Marry කරලා වයසට ගියාම, තරුණ කාලේ කරපු දේවල් මතක් වෙනවා නේ? අන්න ඒ වගේ වෙලාවට තමයි ඔයාලට ඒ කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙන්නෙ.... ඒ වෙනකොට අවුරුදු බර ගානකට ඉස්සෙල්ල ඔයා පස්සෙන් ගිය කට්ටිය එහෙමත් ඔයාල ගෙ ෆ්‍රෙන්ඩ්ස් ලා වෙලා ඉදීවි... ඔය වගේ දෙන්නෙක් පාටියකදී වගේ සෙට් උනාම මොනවද ඇදලා ගන්නෙ? අර තරුණ කාලේ කරපු ආදරයම තමයි... එතකොට එව්ව ලස්සන මතක විතරයි.. කාපු බීපුව, බැන ගත්තුවා... ඔව්ව ඒ කාලේ හෙන බරපතල කේස් උනාට පස්සෙ කාලෙකදී එව්ව තමයි ලස්සන සිහිවටන වෙන්නේ... මම ප්‍රශ්නයක් අහන්නම්.... ඔයාට හොඳට මතක කෙල්ල හරි කොල්ල හරි එක්ක කාපු බීපු ජාතිද නැත්තම් දා ගත්තු වලි සීන් ද? උත්තරේ ඉතින් වලි සීන්වෙන්න ඕනේ... ඒ මොනවද? එව්ව තමයි අත්වැරදීම්... අන්න එහෙමයි සමහර අත්වැරදීම් පස්සෙ කාලෙක මතක පොතේ ලස්සනම දේවල් වෙන්නේ....මම නිමා
Nima.quotes@gmail.com
No comments:
Post a Comment